ශ්‍රි ලංකාව පරදා බංගලිදේශ ලකුණු 90ක ජයක් ලබයි

March 27, 2017

ශ්‍රී ලංකාව සහ බංගලිදේශය අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 90 ක ජයක් ලැබූ බංගලිදේශය තරග 3 කින් සමන්විත තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය.
මුලින්ම පන්දුවට පහරදුන් බංගලිදේශය පන්දුවාර 50 දී කඩුලු 5 ට ලකුණු 324 ක් ලබා ගත් අතර ශ්‍රී ලංකාවට පන්දුවාර 45.1 කදී ලබා ගත හැකිවූයේ ලකුණු 234 ක් පමණි.
මෙය බංගලිදේශය ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ 5 වැනි එක්දින ජය වන අතර ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින ඉනිමකදී වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණය (ලකුණු 324) විය.
මෙම තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් සිය 8 වැනි එක්දින ශතකය වාර්තා කළ තමීම් ඉක්බාල් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය. තමීම් පන්දු 142 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහරක් සහිතව ලකුණු 127 ක් ලබා ගත්තේය.
තමීම් ඉක්බාල් සහ ෂකිබ් අල් හසන් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 144 ක වාර්තාගත සම්බන්ධතාවක් තැබූ අතර මීට පෙර එම වාර්තාව සතු වූ අර්ජුන-අරවින්ද එම කඩුල්ලට මීට වසර 27 කට පෙර ලකුණු 139 ක් රැස්කර තිබුණි.
ශ්‍රී ලංකාව සහ බංගලිදේශය අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ලබන 28 දා දඹුල්‍ලේදී පැවැත්වේ.

t

o

p