රජිනි කාන්ත් ලංකාවට එන්නේ නෑ

March 27, 2017

ඉන්දීය සුපිරි නළු රජිනි කාන්ත් තම ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
පෙරේදා (25) දහවල් ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
යාපනය සහ වව්නියාව ප්‍රදේශවලදී සංවිධානය කර තිබූ නිවාස බෙදාදීමේ උත්සවයකට සහභාගි වීම සඳහා ලබන අප්‍රේල් මස 09 සහ 10 යන දෙදින තුළ රජිනි කාන්ත් මෙරට සංචාරය කිරීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් රජිනි කාන්ත්ගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් තමිල්නාඩු දේශපාලන පක්ෂ රැසක් විරෝධය පළ කළහ.  විදුතලෙයි චිත්‍රංගල් පක්ෂයේ නායක ටී. තිරිවාවලන් රජිනි කාන්ත්ගේ සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබුණේ මෙම සංචාරය දෙමළ ජනතාව තුළ ඔහු අප්‍රසාදයට පත් වනු ඇති බවයි.

t

o

p