රට තුළ මූල්‍ය විනය ජාත්‍යන්තරව ඇගයුනා – ඇමති රවි

March 27, 2017

“ද බෑන්කර්” සඟරාව මගින් ආසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස තමා තෝරා ගැනීම රට තුළ පවත්වාගෙන යනු ලබන මූල්‍ය විනය ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක් කිරීමක් බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවැසීය.
මෙම සම්මානය තමා පෞද්ගලිකව ලැබූ ජයග්‍රහණයක් නොව සමස්ත රටක් වශයෙන් ලැබූ ජයග්‍රහණයක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම මත රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙළ ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක්වන බවත් මෙය තවත් එක් අවස්ථාවක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
මෙම සම්මානය හරහා රටේ ආර්ථික ගමන්ගම පිළිබඳ ගොඩනැගෙන ජාත්‍යන්තර විශ්වාසය තුළින් අනාගතය පිළිබඳ සුබවාදී බලා‍පොරොත්තුවක් තැබිය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ආසියා පැසිෆික් කලාපයේ 2017 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබිමෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී රවි කරුණානායක මහතා මේ බව පැවැසීය. සම්මාන ප්‍රදානය පසුගියදා (24) ලන්ඩන් හි පිහිටි “ද බෑන්කර්” සඟරාවේ ප්‍රධාන මූලස්ථානයේදී පැවැත්විණි.

t

o

p