පාර්ලිමේන්තුවේදී මහින්ද රනිල්ගේ උපන් දිනේට සුබ පතයි

March 25, 2017

පාර්ලිමේන්තු සභා ගැබෙහිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට උපන් දින සුබ පැතුම් පිරිනැමුවේය.
අගමැතිවරයාගේ උපන්දිනය ඊයේට යෙදි තිබුණු අතර මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතු අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා සිනා මුසුව එය පිළිගත්තේය.
හිටපු අගමැතිවරයෙකු වූ රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශෝක යෝජනාව සාකච්ඡාවට ගත් අවස්ථාවේදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊට එක්ව අදහස් ප්‍රකාශ කළේය.
අගමැතිවරයාට පසු රත්නසිරි වික්‍රමනායක මහතා පිළිබඳ අදහස් ප්‍රකාශ කළේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාය.
රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය පිළිබඳ ශෝක ප්‍රකාශය අවසානයේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා යැයි කියමින් අසුන් ගත්තේය.

t

o

p