ලන්ඩන් ප්‍රහාරය අයි.එස් සංවිධානය වැඩක්

March 24, 2017

ලන්ඩනයට එල්ල කළ ප්‍රහාරය “ඉස්ලාම් රාජ්‍යයේ සෙබළෙකු” විසින් එල්ල කරන ලදැයි ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය සිය පුවත් ආයතනය හරහා නිවේදනය කර තිබේ.

මේ අතර ලන්ඩන් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා බ්‍රිතාන්‍යයේ උපත ලද අයෙකුවන අතර පොලිසිය සහ ඔත්තු සේවා දැන සිටි අයෙකු බව අගමැතිනි තෙරේසා මේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හමුවේ පැවසුවාය.

වසර කිහිපයකට පෙර ප්‍රචණ්ඩ අන්තගාමීබව සම්බන්ධයෙන් ඔහු විමර්ශනයකට ලක්ව සිටියද මෑත කාලීන ඔත්තු ක්‍රියාකාරීත්වය තුළට ඇතුළත් නොවූවෙකි

සිව් දෙනෙකුට මරු කැඳවමින් බදාදා (මාර්තු 22) ලන්ඩනයේදී එල්ලවූ ප්‍රහාරයෙන් අනතුරුව පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගැනිණි.

BBC

t

o

p