කින්නියා ඩෙංගු පාලනයට රජය සියළුම පියවර ගෙන තියෙනවා

March 23, 2017

ත්‍රිකුණාමලය හා කින්නියා ප්‍රදේශවල පැතිර යන ඩෙංගු උණ රෝගි තත්ත්වය පාලනය කිරිමට රජය මඟින් අවශ්‍ය සියළු කටයුතු සම්පාදනය කර ඇතිබව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (23) පැවසීය.
කොළඹ පො‍ළොන්නරුව, ඇතුළු රටේ බොහෝ ප්‍රදේශ වලින් ත්‍රිකුණාමලය ප්‍රදේශයට රාජ්‍ය නිලධාරීන් සෞඛ්‍ය නිලධාරින් යොමුකර අවශ්‍ය සියළු කටයුතු සිදුකරන බවත් අගමැතිවරයා පැවසීය.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ උද්ගත තත්ත්වය පාලනය කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමා‍ර්ග සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන මහතා 23/2 යටතේ මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව පැවසිය.
මෙම අයහපත් තත්ත්වය මඩකලපුව ප්‍රදේශයටත් ව්‍යාප්ත වී ඇතිබව පැවසූ අගමැතිවරයා මෙසේ ද පැවසීය.
අපි ඉන්නෙ කොළඹ. මාලදිවයි‍නේ මෙම වසංගතය විශාල වශයෙන් පැතිරෙනවා. කුරුල්ලන් විශාල ප්‍රමාණයක් විනාශ කරන්න එරට රජය තීරණය කර තිබෙනවා. චිනයේ කුරුළු උණ පැතිර යනවා. චිනය, දකුණු කොරියාව, වැනි රටවල් එම තත්ත්වයට මුහුණ දීමට පටන්ගෙන තිබෙනවා. මැලේරියාව පැතිර යාමෙන් සංචාර කර්මාන්තයට විශාල බලපෑමක් සිදුඋනා. ඇතැම් කලාප වල කොලරාව පැතිර යනවා.
මේ තත්ත්වයන් හා ත්‍රිකුණාමලයේ පැතිර යන අවදානම වැළැක්වීමට රජයක් ලෙස කටයුතු කරනවා.

නගර සැළසුම් හා ජලසම්පාදන ඇමති රාවුෆ් හකීම් මහතා –
මෙම තත්ත්වය පාලනය කිරීමට අප කටයුතු කරනවා. දැනට රජයේ නිලධාරින් අටදහසක් පමණ එම ප්‍රදේශයට යොමුකර තිබෙනවා.

t

o

p