ශ්‍රී ලංකාවට එරෙහිව බංගලිදේශය ලැබූ ප්‍රථම ටෙස්ට් ජය

March 20, 2017

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පී. සරා පිටියේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබූ බංග්ලාදේශය තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට සමත් විය.
මෙම ජයග්‍රහණය බංග්ලාදේශය ටෙස්ට් තරග 18ක් තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ පළමු ජයග්‍රහණය ලෙස වාර්තා ‍පොතට එක්විය.
මෙම තරගය බංග්ලාදේශයේ 100 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය වූ අතර, සියවැනි තරගය ජයගත් සිව්වැනි රට ලෙස බංග්ලාදේශය වාර්තා ‍පොතට එක්විය.
තරගාවලිය පුරා තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ෂකිබ් අල් හසන් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය.

t

o

p