වයිකෝ අත්අඩංගුවට

March 20, 2017

ඉන්දියාවේ චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ තමිල්නාඩු එම්.ඩී.එම්.කේ. පක්ෂ මහ‍ලේකම් වයිකෝ ඇතුළු පිරිසක් එරට ‍පොලීසිය විසින් 19 දා අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ සිදුව ඇති බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා තවත් කාලය ලබාදිය යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්ව ඇති යෝජනාවට විරෝධය පළකරමින් මොවුන් උද්ඝෝෂණයේ නිරත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම විරෝධතාවයේදී එල්.ටී.ටී.ඊ.යට සහය පළ කෙරෙන පුවරු හා බැනර් ප්‍රදර්ශනය කර තිබූ බවටද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

t

o

p