අතුරුදන් මැලේසියානු යානය සොයා ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළුවීමට පරීක්ෂණ කණ්ඩායම්වලට ඉඩ

March 19, 2014

malaysian passenger plane missing

අතුරුදන්ව ඇති මලයාසියානු ගුවන් යානය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ගුවන් යානා සඳහා ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළුවීමට අවසර ලබා දී ඇතැයි රජය ප්‍රකාශ කරයි.

ඒ අනුව කොළඹ පිහිටි මැලේසියානු මහකොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම පරිදි පැය 72 ක කාලයක් වෙනුවෙන් මෙය බලපැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මැලේසියාවට අයත් බෝයිං 777 වර්ගයේ එම්.එච්. 370 යානය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ කටයුතුවලට සහාය වෙමින් මලයාසියානු,  ඕස්ට්‍රේලියානු, නවසීලන්ත, අමෙරිකානු ගුවන් යානාවන්ට ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළු වීමට අවසර ලබාදී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එම්.ජේ. සදික් මහතා දිනමිණට පැවසීය.

මලයාසියාවේ ක්වාලාලාම්පූර් සිට චීනයේ, බීජිං දක්වා පියාසර කරමින් තිබියදී පසුගිය 8 දා අතුරුදන් වූ මේ ගුවන් යානය මඟීන් 227 දෙනෙකු සහ කාර්යමණ්ඩලය 12 දෙනෙකු සමන්විත වූ අතර මේ සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සිදුකරන ගුවන් යානා සඳහා ශ්‍රී ලංකා ගුවන් කලාපයට ඇතුළු වීමට අවසර ලබාදී තිබේ.

අතුරුදන් ගුවන් යානය සෙවීම සඳහා ශ්‍රී ලංකා ගුවන් තලය භාවිත කිරීමට අවසර ලබාදෙන ලෙස මැලේසියානු රජය ඉල්ලීමක් කර තිබෙන අතර ඒ අනුව මෙලෙස අවසර ලබාදීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබේ.

මේ ගුවන් යානය අතුරුදන් වූ අවස්ථාවේ සිට මේ දක්වා කාලය තුළ මලයාසියාව, චීනය, අමෙරිකාව, රුසියාව, වියට්නාමය, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව ඇතුළුව රටවල් රැසක් එය සෙවීමේ කටයුතුවල නිරතව සිටින අතර එකී ගුවන් යානයට කුමක් සිදුවී ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා නිශ්චිත වශයෙන් තහවුරු කරගෙන නොමැත.

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ද අතුරුදන්වු මලයාසියානු ගුවන් යානය සෙවීම සඳහා විශේෂ නෞකාවක් සහ ආවේක්ෂණ ගුවන් යානයක් බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයට, අන්දමන් මුහුද සහ ඉන්දියන් සාගරය ආශ්‍රිත ප්‍රදේශයන්ට යවා ඇත. අදාළ යානය අතුරුදන් වු වේලාවෙන් පසු පැය 05 ක පමණ කාලයක් ගුවනේ තිබු බවට ද විවිධ වාර්තා පළ වී තිබේ.

අතුරුදන්ව ඇති මැලේසියානු ගුවන්යානයේ නියමුවාගේ නිවසේ තිබී සොයාගන්නා ලද ගුවන් සිමියුලේටරයේ මෘදුකාංගයකින් ශ්‍රී ලංකාවේ ගුවන් පථයක්ද අධ්‍යයනය කර ඇති බවට ‍තොරතුරු අනාවරණය වී තිබේ.

අදාළ සිදුවීම පිළිබඳ විමර්ශනය කිරීමේදී ඉන්දු-ශ්‍රී ලංකා ගුවන්පථ 3ක්ද, අමෙරිකානු කේන්ද්‍රීය දියාගෝ ගාර්ෂිවේ ගුවන්පථයක්ද, මාලදිවයින් ජාත්‍යන්තර ගුවන්පථයක්ද , එම ගුවන් නියමුවා විසින් අධ්‍යයනය කර ඇති බවට හෙළිදරව් වී ඇත._මහින්ද අලුත්ගෙදර

Courtesy: dinamina.lk

The Editor

Previous story Next story

Leave a comment

t

o

p