ජලජිවි වගාව ව්‍යාප්ත කිරීමට කොරියාවෙන් රුපියල් මිලියන 375 ක්

March 16, 2017

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා සහ කොරීයානු සාගර හා ධීවර අමාත්‍යංශය අතර පැවති සාකච්ජා වල ප්‍රථිපලයක් ලෙස රුපියල් මිලියන 375[ඩොලර් මිලියන 2.5] ක් ප්‍රදානයක් ලෙස ලබාදීමට අවධානය යොමු  වී ඇත .
 මෙම මුදල් ප්‍රදානය ලබා දෙනුයේ ශ්‍රී ලංකාවේ ජලජිවි වගාව නගා සිටුවීම සදහා ය.
ප්‍රදානය ලෙස කොරියාවෙන් ලැබෙන මෙම මුදල්  ජලජිවි වගා සංවර්ධන අධිකාරියට ලබාදී දේශීය ජලජිවි වගාව වැඩි දියුණු කිරීමට සැලසුම් සකස් කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා සදහන් කළේය.
පිලිබදව මේ වන විටත් ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය සමග සාකච්ජා කර අදාළ ආධාර වැය කලයුතු ව්‍යාපෘති හදුනාගෙන ඇත.
මේ අනුව ඉස්සන් හා මත්ස්‍ය නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත පුරයක් සදහා මෙම කොරීයානු ආධාර යෙදවීමට යෝජනා ඉදිරිපත්ව තිබේ.
ඊට අමතරව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා කොරියාවේ සිදුකල සංචාරයේ ප්‍රථිපලයක් ලෙස කොරීයානු ජාතික ධීවර සමුපකාර සම්මේලනය විසින් නිවාස 100 කින් සමන්විත ධීවර නිවාස ගම්මානයක් සදහා ආධාර ලබාදුන් අතර එම ගම්මානයේ නිවාස ඉදිකිරිම මේ වනවිට සිදුවෙමින් පවති .
අබලන්තොට බටඅත දකුණ ඉදිකෙරෙන දියවර සෙවණ ධීවර නිවාස ගමනයේ නිවාස 25ක ඉදිකිරීම් මේ වනවිට අවසන් අදීයරේ පවතී.
තවද කොරීයානු ජාතික ධීවර සමුපකාර සම්මේලනය නවීන තාක්‍ෂණ පහසුකම් වලින් සමන්විත ධීවර තාක්‍ෂණ  විද්‍යාල දෙකක් ලබාදීමටද කැමැත්ත පල කර ඇති අතර ඉන් එක් තාක්‍ෂණ විද්‍යාලයක් උතුරු පළාතටත් , අනෙක් තාක්‍ෂණ විද්‍යාලය දකුණු පළාතටත් වශයෙන් එම තාක්‍ෂණ විද්‍යාල දෙකේ ඉදිකිරීම්ද කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇත.
රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමාගේ කොරීයානු සංචාරයේ තවත් ප්‍රථිපලයක් ලෙස මෙරට ප්‍රථම බහු කාර්ය ධීවර වරායන් ඉදිකිරිම සදහාද මුල්‍ය අනුග්‍රහය ලබාදීමට කොරියාව ඉදිරිපත්ව සිටි .
එම බහු කාර්ය ධීවර වරායන් උඩප්පුව, චලෙයි,මාදගල්,ඩෙල්ෆ් හා තංගල්ල ප්‍රදේශවල ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර ඒ සදහා මුලික ශක්‍යතා අධ්‍යනයන් මෙන්ම සැලසුම් ද නොමිලයේ සිදු කර දීමට කොරියාව කැමැත්ත පල කර ඇති අතර ඒ සදහා කොරියාවේ ඉහල පෙලේ නියෝජිත කණ්ඩායමක් ඉදිරි සතිය තුල ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය .

t

o

p