කොල්ලකරුවන් අල්ලා ගත් නෞකාව ලංකාවේ ලියාපදිංචි එකක් නොවෙයි

March 15, 2017

සෝමාලියා මුහුදු කොල්ලකරුවන් විසින් කොල්ලකන ලැදැයි පැවසෙන ශ්‍රී ලාංකික ධජය රැගත් ඉන්ධන ප්‍රවාහන නෞකාව ලංකාවේ ලියාපදිංචි වී නොමැති වුවත් එහි ශ්‍රි ලාංකිකයන් අට දෙනෙකු සේවය කර ඇති බවට වාර්තා වී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

නෞකාවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ සුභ සාධනය තහවුරු කිරීම සඳහා නාවුක නියෝජිතායතන,  අදාළ බලධාරීන් මෙන්ම අදාළ විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකික දූත මණ්ඩල සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින් සිද්ධිය පිළිබඳව වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීමට අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින බවත් නෞකාවේ සේවක පිරිසේ ආරක්ෂාවට අගතියක් සිදු නොවන අයුරින් වාර්තා කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය බලාපොරොත්තු වන බවත් පවසා සිටී.

t

o

p