ශ්‍රී ලංකා ධජය සහිත නැවක් සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට

March 14, 2017

ශ්‍රී ලංකා ධජයක් සහිත ඉන්ධන ප්‍රවාහන නෞකාවක් සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් ඉන්දියානු සාගරයේදී පැහැර ගෙන ගොස් තිබෙන අතර එහි කාර්ය මණ්ඩලයේ 8 දෙනා ශ්‍රී ලාංකිකයන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඩුබායි රාජ්‍යයට අයත් අයිරිෂ් 13 නැමති මෙම නෞකාවේ 8 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ගමන් කර ඇති බව වාර්තා වෙයි.

මෙම නෞකාව අනතුරට පත් වු බවට ඇමතුමක් ලැබී ඇති අතර ඉන් අනතුරුව සෝමාලියානු මුහුදු සීමාව වෙත ළඟා වී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බව වාර්තා වෙයි.

2012 වසරෙන් පසු සෝමාලියානු කොල්ලකරුවන් අතට පත් වූ ප්‍රථම වාණිජ නෞකාව මෙය වන බවත් විදේශීය මාධ්‍ය සඳහන් කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ යුරෝපියානු නාවික අංශය පවත්වයි. එමෙන්ම මෙම නෞකාව ඊයේ (13) කුඩා යාත්‍රාවන් දෙකක් පසු පස ගමන් කර ඇති බව ද විමර්ශන කටයුතු වලදී අනාවරණය වී තිබෙන බවද විදෙස් පුවත් සඳහන් කරයි.

t

o

p