නිවාස අමාත්‍යාංශයේ ලේකම්ට එල්ල වන දුෂණ චෝදනා මෙන්න

March 14, 2017

නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශයේ ලේකම්වරියට එරෙහිව පවතින රාජ්‍ය දේපොළ අවභාවිතාව හා මහාපරිමාණ දුෂණ අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් ඉහළ පෙළේ පරික්ෂණයක් ආරම්භ කර ඇත.
අමාත්‍යාංශ ලේකම්වරියට එරෙහිව ඉහළ පෙළේ පරික්ෂණය ආරම්භ වී ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට යොමු කෙරුණු ලිඛිත සාක්ෂි රැසක් පදනම් කර ගෙනය.
නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශයට අයත් වහන සිය සැමියාගේ හා පුතුගේ පරිහරණය සඳහාදීම, වංචනික ලෙස ඉන්ධන ලබාගැනිම, නිවාඩු දින වැඩ කිරිමේ දිමනා මෙන්ම අධිවේගි ගාස්තු ගෙවිම හා කොළඹපිහිටි රජයට අයත් සුපිරි නිවාස දෙකක් පරිහරණයට යොදා ගැනිම, අමාත්‍යාංශ ලේකම්වරියට එල්ල වූ චෝදනා අතරවේ.
බත්තරමුල්ල පැලවත්ත දියත උයන නිවාස අමාත්‍යාංශයට අයත් ඉඩමක් පාවිච්චියට යොදා ගෙන එහි රුපියල් ලක්ෂයකට අධික විදුලි බිලක් ද නොගෙවා තවත් රජයේ නිවසක් පරිහරණය කිරිම ලේකම්වරියට එල්ලවන චෝදනා අතරවේ.
මේ වන විටත් පාඩු ලබන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් සුඛෝපභෝගි නිවසක් ද අමාත්‍යාංශ ලේකම්වරිය විසින් සිය පරිහරණය සඳහා බලෙන්ම රඳවාගෙන සිටින්නේයැයි එහි සේවකයෝ සඳහන් කරයි.
නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් පේ‍ර්මදාස මහතා ලේකම්වරියගේ වංචා දුෂණ සියල්ලක්ම යට ගැසීම නිසා ඊට සම්බන්ධ සියලූ තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලයට හා අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට යැවූ බව අමාත්‍යාංශ පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
අමාත්‍යාංශ ලේකම්වරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ සෘජු අධික්ෂණය යටතේ පරික්ෂණයක් ආරම්භ කර ඇති අතර එහිදි ලේකම්වරියගේ හා අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තිරණයක් ගනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

t

o

p