රේණුකා හේරත් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

March 13, 2017

මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායිකා මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරියක ද වූ රේණුකා හේරත් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

මිය යන විට ඇය 72 වැනි වියේ පසු වූවාය.

 එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් දේශපාලනයට ආ ඇය වෘත්තියෙන් ගුරුවරියක වූවාය.

1977 මහ මැතිවරණයට තරග කර පාර්ලිමේන්තු පිවිසෙන ඇය  දිසා ඇමැතිවරියක්, කැබිනට් ඇමැතිවරියක් ලෙස කටයුතු කළාය.

මේ වන විට ඇයගේ දේහය වලපනේ වැවකැළේ ‘‘රේණූක’’ නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු 16 වන බ‍්‍රහස්පතින්දා සවස 4.00 ට වලපනේ නිල්දණ්ඩාහින්න මහඡන ක‍්‍රිඩාංගනයේදි සිදුකිරිමට නියමිතය.

t

o

p