කරු ඉවත් කරන්නැයි ඉල්ලා ආණුඩුවේ මන්ත්‍රින් ගෙන් අගමැතිට පැමිණිලි

March 10, 2017

පාර්ලිමේන්තුවේ දී කතනායක කරු ජයසූරිය මහතාගේ ක්‍රියාකලාපය සාධාරණ නැතැයි කියමින් ඔහුව එම ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැමිණිලි කොට ඇත.
කතානායක කරු ජයසූරිය මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණක් කතා කිරිමට ඉකුත් අද (10) වැඩි අවස්ථාව ලබාදි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට පවා අදහස් දැක්විමට අවස්ථාව නොදිමට විරෝධය පළ කරමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සභාවෙන් ඉවත්විමෙන් පසු මන්ත්‍රීවරු මෙම පැමිණිල්ල කර තිබේ.
මෙම ක්‍රියා කලාපය හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා පැමිණුන බවත් දිගින් දිගටම සිදුවන මෙම ක්‍රියා කලාපය නිසා පාර්ලිමේන්තු කටයුතු කරගෙන යාමට නොහැකි වනු ඇති බවත් කියමින් මන්ත්‍රීවරු පිරිස මෙලෙස පැමිණිලි කොට ඇත.
සෘජුව කටයුතු කළ හැකි කතානායකවරයෙකු පත් කරන ලෙසත් මේ ආකාරයට දිගින් දිගටම කටයුතු කළහොත් පාර්ලිමේන්තු උත්තරිතර භාවයට හානියක් බවත් මන්ත්‍රීවරු පෙන්වා දී තිබේ.

t

o

p