මුදල් ඇමතිවරයා පන්නන්න හැදුවේ තවත් ඇමතිවරු තිදෙනෙක් බව හෙළි වෙයි

March 10, 2017

කැබිනට් සංශෝධනයක් කර මුදල් අමාත්‍යධූරය වෙනස් කරනා බවට සමාජ මාධ්‍ය වෙබ් අඩෙවි ඔස්සේ ගිය ප්‍රචාරයට එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු තිදෙනෙක් සම්බන්ධ බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම තොරතුරු අනාවරණය වී තිබෙන්නේ රජයේ විශේෂ කණ්ඩායමක් විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දුන් වාර්තාවක් අනුවය.

මොවුන් විසින් ඒකාබද්ධ විපක්ෂයේද සහය ඇතිව මෙම ප්‍රචාරය ගෙන ගොස් ඇති බවට ද තොරතුරු හෙළිවී තිබේ.

මුදල් ඇමතිධූරයෙන් රවි කරුණානායක ඉවත් කරන බවට ප්‍රචාරය ගෙනයාමට ආණ්ඩුවේ ඉහළ ඇමතිවරයෙකු හා අග්‍රාමාත්‍යවරයා ලගින්ම සිටිනා බවට පෙන්වමින් සිටින අමාත්‍යවරයෙක් සිටිනා බවට ද වාර්තා වී ඇත.

මුදල් අමාත්‍යවරයාට එරෙහිව ප්‍රචාරය ගෙන යාමට මුලික වී ඇත්තේ යහපාලන ජාතික රජයේ මුල් වසර දෙක අවසන් වන විට වැටි තිබු ආර්ථිකය ගොඩ ගෙන එහි ප්‍රතිලාබ ජනතාවට ලැබෙද්දි එහි ප්‍රශංසාව ඔහු වෙත යාම වැළැක්විම සඳහාය.

කෙසේනමුත් ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරු මෙම සංවිධානාත්මක ව්‍යාපාරය සම්බන්ධයෙන් දැන ගැනිමෙන් පසුව අග්‍රාමාත්‍යවරයා හමුවි මේ බව ප්‍රකාශ කොට තිබේ.

මුදල් ඇමතිවරයාට එරෙහි ප්‍රචාරයට සම්බන්ධ ඇමතිවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට දුරකතනයෙන් පවා සම්බන්ධ කර ගත නොහැකි අය බවත් පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ දුරකතන ඇමතුම්වලට සම්බන්ධ වන මන්ත්‍රීවරුන්ට හමුවී සිය ප්‍රශ්න විසදා ගත හැකි මුදල් ඇමතිවරයා තවදුරටත් එම ධූරයේ සිටිය යුතු බවටත් මන්ත්‍රීවරු පිරිස අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කර ඇත.

t

o

p