නිවාස අමාත්‍යාංශයේ ඉහළ නිලධාරිනියකගේ අමතර ගැහිලි

March 10, 2017

නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශයේ ඉහළම නිලයක් හොබවන තැනැත්තියක් විසින් සිය නිල දිමනාවලට අමතරව විවිධ ක්‍රම මගින් වසරකට රුපියල් 843785 ක් ලබා ගෙන ඇතැයි වාර්තාවේ.

ඇය දිනපතා දකුණු පළාතේ සිට රාජකාරියට පැමිණෙයි. ඒ අනුව අමාත්‍යාංශයට ඉදිරිපත් කළ මුදල් ගැනිමේ ලැයිස්තුවලට අනුව ඇය දිනකට කිලෝ මීටර් 225 ක් නිල රථයෙන් ගමන් කර තිබේ.

අමතර ඉන්ධන දිමනා ලෙස වසරකට ‍ගෙන ඇති මුදල 517583 කි. දක්ෂිණ අධිවේගි මාර්ගයට පමණක් වැය වී ඇති මුදල 54450 කි.

මීට අමතරව නිවාඩු දින වැඩ කිරිම සදහා රුපියල් 271752 ක් අමාත්‍යාංශයෙන් ලබා ගෙන තිබේ. ඉහළම නිලය හොබවන මැයගේ වැටුපට අමතරව අමාත්‍යාංශය දරන අමතර වියදම රුපියල් 843785 කි.

ඇමතිවරයා රටට ආදර්ශයක් දෙන ප්‍රතිපත්තියක සිටියදි මැයගේ ක්‍රියා කලාපය ගැන අමාත්‍යංශයේ සේවකයෝ විමතිය පළ කරති.

t

o

p