ඇමති මණ්ඩල සංශෝධනය නවතී – මුදල් අමාත්‍යධූරයේ වෙනසක් නැහැ

March 10, 2017

යහපාලන ජාතික රජයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය කල් දැමීමට තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

යහපාලන ජාතික රජයට වසර දෙකක් සපිරෙන අවස්ථාවේදි කැබිනට් සංශෝධනයක් වනු ඇති බවට සමාජ මාධ්‍ය වෙබ් අඩෙවිවල පුවත් පළ විය. එසේම මුදල් අමාත්‍ය ධුරයේද වෙනසක් සිදුවන බව එම මාධ්‍ය වාර්තා සදහන් කර තිබුනි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉන්දුනිසියානු සංචාරය අවසන් කොට යළි මෙරටට පැමිණිමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩල සංශෝධනය වන බවට ප්‍රකාශ විය.

ඉන්දුනිසියානු සංචාරය නිමකර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (09) අළුයම මෙරටට පැමිණි අතර ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරනු ලැබුවේ කිසිදු කැබිනට් සංශෝධනයක් සිදු නොවන බවය.

යහපාලන ජාතික රජය බලයට පත් වූ පසු එතෙක් කඩා වැටි තිබු ආර්ථිකය ශක්තිමත් කොට ඉදිරියට ගෙන යාමට දායක වූ මුදල් ඇමතිධූරයේ කිසිදු වෙනසක් නොකිරිමට ජනාධිපති හා අගමැතිවරයා තීරණය කර තිබේ.

t

o

p