2017- 20 දක්වා ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය අැ.ඩො.බි.15000ක්

March 9, 2017

රජය විසින්  2017 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාලය තුළ ගෙවිය යුතු සම්පූර්ණ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන පහලොස් දහසක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙළි කළේය.

ඇමරිකානු ඩොලර් කෝටි එක් දහස් පන්සියයක් එක් එක් වර්ෂය තුළදි වෙන් වෙන් වශයෙන් ගෙවිමට සිදුවන බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි ඊයේ (08) හෙළිදරව් කරනු ලැබූවේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා අගමැතිවරයාගෙන් ප්‍රශ්න අසන වෙලාවේ ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.

මේ අනුව 2017 වසරේදි ඇමරිකානු ඩොලර් බිලියන හාර දහස් අසු අටක්ද, 2018 වසරේදි ඇමරිකානු ඩොලර් බිලියන හාරදහස් එකසිය හැට හතරක්ද, 2019 වසරේදි ඇමරිකානු ඩොලර් බිලියන තුන්දහස් දෙසිය නවයක්ද වශයෙන් අති විශාල ණය කන්දරාවක් ගෙවීමට ඇති බවද ඒ මහතා හෙළිදරව් කළේය.

ඉකුත් පාලන සමයේ ගත් මෙම ණය කන්දරාව ගෙවිමේ උගුලෙන් ගැලවීමට පදනම වැටී ඇත්තේ ජාතික ආණ්ඩුව නිසා බවද ඔහු කවේය.

රාජ්‍ය ණය පද්ධතියෙන් සඟවා තිබූ ණය මුදල්, රාජ්‍ය ණය පද්ධතියට එකතු වීම නිසා ඇතිවුණු අර්බුදය ණය ගෙවිමේ ප්‍රතිව්‍යහගත කිරිම්වලින් හෝ සමනය කර ගැනීමේ අවස්ථාව ද ගෝලිය ආර්ථික අවපාතය නිසා අහිමි වී ගොස් ඇතැයිද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

මෙම අර්බුදයෙන් මිදිම සඳහා 2020 වන විට ඒක පුද්ගල අදායම ඇමරිකානු ඩොලර් 6000 දක්වා සෘජු විදේශිය ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 5 දක්වාත්, අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 20 ක් දක්වාත් බදු ආදායම දළ දේශිය ආදායමෙන් 15% ක අගය දක්වාත් ඉහළ නැංවීමට සැලසුම් කොට ඇත.

නිසි ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවිම තුළින් මෙරට දළ දේශිය නිෂ්පාදිතය 2024 වසර වන ව්ට දෙගුණයක් කර ගැනීමටත්, 2035 වසර වන විට ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කිරිමටත් අවකාශ සැලසෙන බව ද අගමැතිවරයා එහිදි සඳහන් කළේය.

t

o

p