පාර්ලිමේන්තු පොලිසියේ ජූඩෝ කණ්ඩායම ලාංඡන, අංක ගලවා දිනේෂ් ගෙනියන්න ආවේ ඇයි ?

March 9, 2017

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු සභි ගැබෙන් ඉවත් කිරිමට කතානායක කරු ජයසූරිය මහතා නියෝග කිරිමෙන් පසුව පොලිස් නිලධාරින් සභාවට පැමිණියේ සිය නිල ඇදුමේ ලාංඡන, නිල අංක සියල්ල ගලවාය.

මෙය නවක මන්ත්‍රීවරුන්ටද පුදුමයට කරුණක් විය. ඔවුන් ප්‍රකාශ කරන්නට වූයේ නිලධාරින් ඔවුන්ට පහරදුන්නොත් ඔවුන්ව හදුනා ගැනිමට නොහැකි වන සේ මෙලෙස නිල ලාංජන නිල අංක කැප් තොප්පි ගලවා සභාවට පැමිණි බවය.

එසේවුවද ඔවුන් මෙලෙස නිල අංක සහ ලාංඡන ගලවා පැමිණෙන්නේ එක් හේතුවක් මතය. ඉතිහාසය පුරාම මන්ත්‍රීවරුන් රැගෙන යාමට පාර්ලිමේන්තු සභා ගර්භය තුළට පොලිසිය පැමිණියේ එලෙසය. ඊට හේතු‍වක් තිබේ. නිල ලාංඡන හා නිල අංක සකස් කර ඇත්තේ ලෝහ තහඩු වලිනි.

Parliment-policeඒවා පිහිතල මෙන් කැපෙන සුළුය. මන්ත්‍රීවරයා රගෙන යාමට උත්සාහ කරද්දි ඔහු මෙන්ම ඔහුට හිතවත් මන්ත්‍රීවරු පොර බැදිම සාමාන්‍ය දෙයකි. එවිට පොර බදන මන්ත්‍රීවරුන්ගේ ශරිරය කැපී යා හැක. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙම කිරිම සාමාන්‍ය දෙයකි.

එසේම මෙවර දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පිටතට ගෙන යාමට ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ප්‍රමුඛ නිලධාරින් 21 ක් සභාව මධ්‍යයට පැමිණියහ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හා නිලධාරි මට්ටමේ සාමාජිකයන් හැරුණු කොට අනෙක් සියළු පොලිස් නිලධාරින් පාර්ලිමේන්තු පොලිසියේ ජුඩෝ කණ්ඩායමට ක්‍රිඩා කරන පිරිසය.

ඔවුන් මන්ත්‍රිවරයා පිටතට ඔසවා ගෙන යාමට පැමිණිය ද එසේ කර නැත්තේ කතානායකවරයා පසුව එලෙස නොකරන ලෙස වේත්‍රධාරිවරයාට දැනුම් දිම නිසාය.

t

o

p