විමල්ගේ කේක් කැපීම ගැන මන්ත්‍රීවරු රීති ප්‍රශ්න නගති

March 8, 2017

බන්ධනාගාරගතව සිටින විමල් විරවංශ මන්ත්‍රීවරයා මාංචු කුට්ටමක් සහිත කේක් ගෙඩියක් කපමින් පාර්ලිමේන්තුව තුළ දී සිය උපන්දිනය සැමරිම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් නගන රීති ප්‍රශ්නය කතානායකවරයාගේ අවධානයට යොමු කරවන බව මුලාසනය ඊයේ (07) සභාවට දැනුම් දුන්නේය.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා නැගඣ රීති ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුලසුනේ සිටි මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහතා මේ බව දැනුම් දුන්නේය.
Wimal-cake
කේක් ගෙඩිය කැපීම සම්බන්ධයෙන් අවසර ලබා ගෙන ඇති බවට විමල් විරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනා බැවින් මේ පිළිබඳ සොයා බැලිමට කතානායකවරයාට යොමු කරනා බවද ඒ මහතා කීවේය.
තුෂාර ඉදුනිල් මහතා – මේ පාර්ලිමේන්තුව තුළට පාසල් සිසුවෙකුට කෑම පැකට් එකක් ගේන්න බැහැ. අපටත් ගේන්න තහනම්. එහෙම තියෙද්දි  විමල් විරවංශ මන්ත්‍රීතුමා මාංචු කුට්ටමක් තියෙන කේක් ගෙඩියක් ගෙනැවිත් කපලා උපන් දිනය සැමරුවේ කොහොමද…
විමල් විරවංශ මහතා – මම නොවේ ඒකා බද්ද විපක්ෂයේ මන්ත්‍රීවරුන් තමයි එය කළේ… වේත්‍රධාරිතුමාගේත් නියෝජ්‍ය ලේකම් තුමන්ගේත් දැනුම්වත් කිරිම මත නිසි අවසරයක් ඇතිව තමයි මගේ උපන් දිනය සැරුවේ. ඒ නිදහසේ උපන්දිනය සමරන්න බැරි නිසා ඒකවත් තේරුම් ගන්න බැරි අය යවන්න ඕනේ අංගොඩ සමයන් ළගටයි…. නැතිනම් අංගොඩ ලොක්කා ලඟටයි…..
මුලාසනය – නීති කඩවී ඇති නම් අනිවාර්්‍යයෙන්ම ක්‍රියාමාර්ග ගන්නවා.
තුෂාර ඉදුනිල් මහතා – විමල් විරවංශ මන්ත්‍රිතුමා ඉපදුනා කියලා අපේ හිතක් නැහැ. එතුමට සුබ උපන් දිනයක් සමරනවා. ඒත් බත් පැකට් එකක්වත් ගේන්න බැරි එකේ කේක් ගෙඩියක් ගෙනාවේ කොහොමද අනෙක කේක් ගෙඩිය මත තිබුණ මාංචු කුට්ටම ඇත්ත එකක් ද නැතිද කියලා කියන්නේ කොහොමද මේක අපේ ආරක්ෂාවට තර්ජනයක්. මන්ත්‍රී ආරක්ෂාව ගැන ගැටලූවක් එනවා.
මුලාසනය – කතානායකතුමා මගින් මේ ගැන සොයලා බලනවා.
වීරකුමාර දිසානායක මහතා – මමයි මේකට මැදිහත් වුනේ නිසි අවසරයක් ඇතිව මේක ගෙනාවේ. මේ අය හිතන්නේ එතුමාව හැමදාම ඇතුළේ තියන්නයි. එතුමාගේ දේශපාලන නිදහසත් අහිමි කරන්න යන්නේ.
චමින්ද විජේසිරි මහතා – පාර්ලිමේන්තුවට සහභාගි වෙන්නයි උසාවියෙන් අවසර දෙන්නේත උපන් දිනය සමරන්න නොවෙයි.
තුෂාර ඉදුනිල් මහතා – පාර්ලිමේන්තුව කියන්නේ උපන්දින සාද පවත්වන තැනක්ද එහෙම සාද පවත්වන්න පුළුවන්ද
මුලාසනය – දෙපාර්ශවයෙන්ම අදහස් ඉදිරිපත් වුනා මේ ගැන මම කානායකතුමාට දන්වන්නම්

t

o

p