ධීවර කර්මාන්තය ගැන අධ්‍යයනට හොඳම තැන ශ්‍රී ලංකාවයි සීෂෙල්ස් රාජ්‍ය පවසයි

March 1, 2017

මෙරට ධීවර කර්මාන්තය පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා තම රටේ ධීවර ක්ෂේත්‍රයේ නියුතු වන්නන් ශ්‍රී ලංකාවට එවීමට අපේක්ෂා කරන බව සීෂෙල්ස් රාජ්‍ය පවසයි. සීෂෙල්ස් රාජ්‍යයේ ධීවර අමාත්‍ය මයිකල් බෙන්ස්ට්‍රෝංග් (Michael Benstrong) මහතා අද (28) පස්වරුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළේ ය. මෙම හමුව මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය ඉහළ මට්ටමක පවතින බව පෙන්වා දුන් බෙන්ස්ට්‍රෝං මහතා, දූපත් රාජ්‍යයක් ලෙස තම රට ද ධීවර කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව වැනි ඉහළ මට්ටමකට පත් කර ගත යුතු බවත්, ඊට ශ්‍රී ලංකා රජය දක්වන සහය අගය කරන බවත් ඔහු කියා සිටියේ ය. සංචාරක සහ ධීවර කර්මාන්තය මූලික කර ගත් දූපත් රාජ්‍යයක් ලෙස තම රටට ශ්‍රී ලංකාවෙන් ලබා ගත හැකි ආදර්ශයන් බොහෝ ප්‍රමාණයක් ඇති බවයි බෙන්ස්ට්‍රෝංග් මහතා වැඩි දුරටත් කියා සිටියේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සීෂෙල්ස් රාජ්‍ය මහකොමසාරිස් ඩේවිස් පියරේ මහතා (Davis Pierre) ද එක් ව සිටියේ ය.

t

o

p