බැසිල්ගෙ මල්වානෙ ඉඩම බේරා දෙන්න ශිරාල් ලක්තිලක මැදිහත් වෙයි

February 27, 2017

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ, උපදේශකයෙකු ලෙස කටයුතු කරන ශිරාල් ලක්තිලක, හොර රහසේම, ඉකුත් සතියේ බැසිල් රාජපක්ෂ හමුවී ගණුදෙනුවක් ගැන සාකච්ඡා කර තිබේ.

මෙම හමුව සිදුව ඇත්තේ විදේශයකදීය.

මල්වානෙ පිහිටි ඉඩම, බේරා දුනහොත්, ඊට සරිලන, ගාස්තුවක්, ගෙවන බවට, බැසිල් දුන් පොරොන්දුවක් මත, ශිරාල් ලක්තිලක, මෙසේ, බැසිල්ව හමුවී ඇති බවයි වාර්තාවන්නේ.   බැසිල් සමග පැවති දීර්ඝ සාකච්ඡාවකින් පසු ශිරාල් ලක්තිලක ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ, සහාය මත, මල්වානේ ඉඩම නිදහස් කරදෙන බවයි. ඒ වෙනුවෙන් තමට සහාය දක්වන ලෙස ඔහු බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ශිරාල් ලක්තිලකගේ, මෙම සිද්ධියත් සමග ඔහුව ඩීල් ශිරාල් වශයෙන් හැදින්විමට ජනාධිපති කාර්යාල සේවකයන් කටයුතු කරන බව එම කාර්යාල ආරංචි මාර්ග පවසයි.

t

o

p