පසුගිය සමයේ භාණ්ඩාගාර බිල්පත් නිකුත්කිරීමේ දී මහ බැංකුව නීති උල්ලංඝනය කරලා

February 27, 2017

පසුගිය සමයේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ දී මහ බැංකුව නීති උල්ලංඝණය කර ඇති බවට අනාවරණය වී ඇති බව  පවසයි.

එවකට මුදල් අමාත්‍යවරයාව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ  හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු මහ බැංකු නිලධාරීන් පිරිසක් මහ බැංකු නීති උල්ලංඝනය කරමින් මෙම ක්‍රියාවල නිරත වී ඇති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සම්බන්ධව විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී අදාළ ගැසට් පත්‍රය පිළිබඳව තොරතුරු අනාවරණය වු බව එම නිවේදනයේ සඳහන් වෙයි.

සම්පූර්ණ පරීක්ෂණයක් සිදු කරන තුරු ඒ සම්බන්ධ අතුරු පැහැදිලි කිරීමක් මහජනතාවගේ දැනගැනීම පිණිස මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින්…

bond-press-release-1 bond-press-release-2

t

o

p