තෙල්, විදුලිය, බැංකු පෞද්ගලීකරණය නොකෙරේ

February 26, 2017

යහපාලන ජාතික රජයේ ව්‍යවසායන් රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසායන් ලෙස පත්කිරීමේදී ප්‍රධාන ව්‍යවසායන් එම ක්‍රියාදාමය යටතට පත්නොකිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ රාජ්‍ය බැංකු කිසිවක් පෞද්ගලීකරණය නොකෙරෙනු ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ තීරණය ගෙන ඇත.

t

o

p