ආබාධිත ධාවකයාට ගිනිස් වාර්තාවක් තැබීමට ඇමති පාඨලීගෙන් කෘතිම පාදයක්

February 23, 2017

ශ‍්‍රී ලංකා හයවැනි පාබල හමුදාවේ සේවයේ නියුතුව රට වෙනුවෙන් තම පාදයක් අහිමිකරගත් රංජිත් සිරිසෝම මහතා දැනට ශ‍්‍රී ලංකාවේ සිටින වේගවත්වම ආබාධිත ධාවකයා වේ. ඔහු හට කෘතිම පාදයක් ලබාදීම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අතින් ඊයේ(22) දින බත්තරමුල්ල සුහුරුපාය එම අමාත්‍යාංශයේ දී සිදුවිය.

1994 චීනයේ බීජිං නුවර ආබාධිත ලෝක ශූරතා තරගාවලියේ මීටර් 200 ඉසව්වෙන් රිදී පදක්කමක් ලබාගනිමින්, ශ‍්‍රී ලංකාවට කීර්තියක් අත්පත් කරදුන් ඔහු එම පදක්කම මෙරට ආබාධිත ක‍්‍රීඩකයෙකු ලබාගත් ප‍්‍රථම ජාත්‍යන්තර පදක්කම ද වේ. එසේම ශී‍්‍ර ලංකාවේ ආබාධිත ක‍්‍රීඩකයෙකු ලෙස මීටර් 100 ඉසව්වේන්  වේගවත්වම කාලයට හිමිකම් කියන්නේද ඔහුයි. එම වර්තාව බිඳ හෙළීමට මේ දක්වා කිසිදු ආබාධිත ක‍්‍රීඩකයෙකු සමත්ව නැත.

මේ වන විට කි.මි. 202 ක් දවස් පහක් පුරා ධාවනයේ යෙදෙමින් ඇමරිකන් ජාතිකයෙකු තබා ඇති ගින්ස් වාර්තාව අභිබවා යෑම සඳහා සූදානම් වන රංජිත් සිරිසෝම මහතා. අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල  සිරිසේන මහතාගේ පදවි ප‍්‍රාප්තියේ තෙවන වසර නිමිත්තෙන් දින හතරක් පුරා කි.මි. 300 ක ධාවනයේ යෙදෙමින් පවතින ගින්ස් ලෝක වාර්තාව බිඳ හෙලා එම වර්තාව තමන් සතු කර ගැනීමට නියමිතය. රංජිත් සිරිසෝම මහතාගේ ක‍්‍රීඩා හැකියාවන්, චිත්ත ධෛර්යය හඳුනාගනිමින්, එම හැකියාවන්ට උරදීමක් හා දිරිගැන්වීමක් වශයෙන් අමාත්‍යවරයා මෙම කෘතිම පාදය පිරිනමන ලදි.

t

o

p