විමල් ස්වාධීන වෙන්න අපෙන් ඉල්ලුවේ නෑ – සන්ධාන මහලේකම්

February 23, 2017

විමල් විරවංශ මහතාට සන්ධාන සාමාජිකත්වයෙන් ඉවත්වීමට අවශ්‍ය නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ලෙස තමන්ගේ ලිඛිතව ඉල්ලිමක් කළහොත් ඒ ගැන සලකා බැලිය හැකි බව ඇමති මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදි අද (23) ප්‍රකාශ කළේය.
සන්ධානයෙන් ඉල්ලා අස්වෙන්න අවශ්‍ය නම් ඒ බව ප්‍රකාශ කළ යුත්තේ කතානායකතුමාට නෙවෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයාටයි ඇමති මහින්ද අමරවිර මහතා කීවේය.
ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත් දෙවැනිවර කියැවිමේ විවාදයට එක්වෙමින් අමරවිර මහතා මෙසේ ද කීය.
එක්සත් ජනතා නිදහස් සන්ධනායෙන් මිසක් වෙනත් පක්ෂයකින් නෙවෙයි විමල් විරවංශ මහතා මැතිවරණයට තරඟ කළේ. ඔහු වෙනත් පක්ෂයක සාමාජිකයෙක් නොවෙයි. එ.ජ.නි.ස සාමාජිකයෙක්. එම නිසා කතානාකතුමා මාර්ගයෙන් හෝ ඕනෑම වෙලාවක ලිපියක් එවන්න අපි තීන්දුවක් ගන්න සුදානම්. එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරිමේ වැඩපිළිවෙලක් අප හදනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දවලින් තමයි මේ බොහෝ දෙනෙක් ජයග්‍රහණය කර තිබෙන්නේ. ඒ නිසා වෙන් වී ගියාට පස්සේ පුළුවන් ඒ අයගේ තත්ත්වය බලා ගන්න.
ඒ වගේම කීත් නොයාර් මාධ්‍යව්දියාට පහරදිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නිලධාරින් ගැනත් විරවංශ මහතා පෙර දිනයේ ප්‍රකාශයක් කර තිබුණා. යම් නිලධාරියෙක් විසින් අසාධාරණ ලෙස රණවිරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා නම් ඒ නිලධාරියා ගැනත් අප සොයා බලනවා. රණවිරුවන් දඩයම් කිරිමේ උවමනාවක් අපට නැහැ. නමුත් බුද්ධි අංශයේ මුවාවෙන් මාධ්‍යවේදින් හෝ වෙනත් අය ඝාතනය කරනවා නම්, පහර දෙනවා නම් නිහඬව ඉන්න බැහැ. ඒකයි අපේ ස්ථාවරය.

t

o

p