විමල් අැතුළු 5 දෙනා ස්වාධීන මන්ත‍්‍රින් වුනත් ජා.නි.පෙ පක්ෂක් ලෙස පාර්ලිමේන්තුවේ පිළිගන්න බෑ

February 23, 2017

පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරුන් ලෙස විමල් විරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පස් දෙනා පිළිගත හැකිමුත් ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තුවේ පිළිගත් පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමෙන්තුවේදි අද (23) ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ තවදුරටත් ඉදිරියට යා නොහැකි බව විමල් විරවංශ මන්ත්‍රීවරයා පිළිගැනිම පිළිබඳව ඔහුට ස්තුතිය පුද කරන බවද අගමැතිවරයා සඳහන් කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ සියලූ බැදිම් අතහැර දැමු තමන් ඇතුළු එ.ජ.නි.ස මන්ත්‍රීවරුන් පස් දෙනාට පාර්ලිමේන්තුව තුළ ස්වාධිනවීමට ඉඩ ලබා දෙන ලෙසට ඊයේත් කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
විමල් විරවංශ මහතා – අපේ මන්ත්‍රීවරුන් පස් දෙනාට ස්වාධිනව කටයුතු කරන්න ඉඩ දෙන්න කියලා අපි ඊයෙත් කතානායකතුමාගෙන් ඉල්ලා සිටියා. මම මේ ගැන 2016 අපේ‍ර්ල් 16 දාත් තරුණු කිව්වා. හැන්සාඩ් වාර්තාවේ 1045 පිටුවේ ඒ බව සඳහන් වෙනවා. නමුත් මා මීට එවන් ඉල්ලීමක් කළේ නෑ කියා කතානායකතුමාත් සභානායකතුමාත් කියා සිටියා. අපි ඒකාබද්ධ විපක්ෂය සමඟ ඇති  ඥාතීත්වය අතහැරලා නැහැ. අපට ඒකාබද්ධ විපක්ෂයේ ස්වාධින කණ්ඩායමක් ලෙස කටයුතු කරන්න අවස්ථාව දෙන්න.
කතානායක කරු ජයසූරිය මහතා – මා මේ සම්බන්ධව පියවර ගැනිමට තවත් සාකච්ඡා කරන්න අවශ්‍යයි.
විරවංශ මහතා – මේ ඉල්ලීම පළමුව මා කළේ 2016 අපේ‍ර්ල් මාසයටත් පෙරයි. අද 2017 පෙබරවාරි 23 දා. දිර්ග කාලයක් ගතවෙලා. මම දන්නේ නැහැ මේ පාර්ලිමේන්තුව කොතරම් කාලයක් මේ විදිහට පවතිවිද කියලා. අගමැතිතුමාට මොනවා වේවිද කියලත් මම දන්නේ නැහැ. ඒක මට අදාළ නැහැ. ඒ නිසා මේක තවත් කල් දමන්න එපා.
කතානායක – හරි මම ඉක්මණින් මේ ගැන තීරණයක් දෙන්නම්.
විරවංශ මහතා – මේ සභාවේ අපට නිසි සාධාරණය ඉටු වෙන්නේ නැහැ. එක පැත්තකින් ඡන්ද තියන්නේ නැහැ. මෙහෙම වෙලාවක අපි කොහාටද මහජන බලයක් ක්‍රියාත්මක කරන්නේ.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – පාර්ලිමේන්තුව පිළිගන්නේ මැතිවරණයකට තරඟ කළ ආකාරය අනුවයි. මෙතුමා තරඟ කළේ මොන දේශපාලන පක්ෂයෙන්ද කියලා කතානායකතුමා තීරණය කළ යුතුයි. ඒක වැදගත්.
දිනේෂ් ගුණවර්ධන මහතා – විමල් විරවංශ මන්ත්‍රිතුමාගේ පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ නැහැ. කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ සහ ජාතික නිදහස් පෙරමුණ එ.ජ.නි.ස පක්ෂ නෙවෙයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා – දිනේෂ් ගුණවර්ධන මහතාට මා ස්තුතිවන්ත වෙනවා. එතුමා කිව්වා ජාතික නිදහස් පෙරමුණ සන්ධානයේ කොටසක් නොවේ කියලා. එහෙම නම් මෙතැන ඉන්න ඒ පක්ෂයේ සාමාජිකයන් සන්ධානයෙන් ඉවත් වෙනවා නම් ඒ අය ස්වාධින සාමාජිකයන් ලෙස සළකන්නයි තියෙන්නේ. ඔවුන් පක්ෂයක් ලෙස සලකන්න බෑ. ස්වාධිනව අසුන් ගැනීම අපට නතර කරන්න බෑනේ. විමල් විරවංශ මන්ත්‍රීවරයාත් පිළිඅරගෙන තියෙනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ නායකත්වය සමඟ තවත් ඉදිරියට යන්න බැහැ කියලා. ඒ ගැන මම එතුමාට ස්තුතිවන්ත වෙනවා.
විමල් විරවංශ මහතා – අගමැතිතුමා කිව්වා ස්වාධින කණ්ඩායමක් ලෙස පිළිගැනිමේ ප්‍රශ්නයක් නැහැ කියලා. අපි ස්වාධින දේශපාලන පක්ෂයක්. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ඒකාබද්ධ විපක්ෂය සමඟ අප කරන අරගලය ඒ තුළ අපේ නියෝජනය අත හරින්නේ නැහැ.
සභානායක – මෙතුමා කිව්වා හිටපු ජනාධිපතිතුමා සමඟ කරන සටන ඒ විදියටම කරනවා කියලා. ඒ කියන්නේ මෙයාලා අයින් වෙලා නැහැ.
නියෝජ්‍ය ඇමති අජිත් පි පෙරේරා මහතා – පාර්ලිමේන්තු මැතිවරණයේදි නාම යෝජනා ඉදිරිපත් කළ පක්ෂයයි පිළිගන්නේ. විමල් විරවංශ මහතාගේ පක්ෂය සන්ධානයේ පක්ෂයක් ලෙස පිළිගන්නේ නැහැ. එහෙමම පසුගිය ජන්දයට ඉල්ලූවෙත් නැහැ. එහෙම නම් මේ කණ්ඩායම හදුන්වන්නේ එක් එක් මන්ත්‍රීවරයා ලෙස කටයුතු කරන ස්වාධින කණ්ඩායමක් ලෙසයි.
විමල් විරවංශ මහතා – ලක්ෂ්මන කිරිඇල්ල මහතා මා දන්නා ලෙස අධිනිතිඥවරයෙක්. අජිත් පෙරේරා මහතා නිති ශිෂ්‍යයන්ට උගන්වනවා. අපි සන්ධානයේ ව්‍යවස්ථාපිත පක්ෂයක් නොවුනාට සන්ධානයෙන් තරඟ වැදුණු මැතිවරණ කොමසාරිස්වරයා නිල වශයෙන් පිළිගත්ත පක්ෂයක සාමාජිකයෙක්. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සමඟ ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු කරද්දි පක්ෂයක් ලෙස අපට තියෙන ස්වාධින අයිතිය අහිමි වෙන්නේ නැහැ.

t

o

p