දික්වැල්ලට තරඟ තහනමක්

February 22, 2017

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා 20 යි 20 තරගාවලියේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තරග තහනමක් පනවා තිබේ.

පසුගිය ඉරිදා (19) ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු සංචාරයේ පැවැති දෙවැනි 20 යි 20 තරගය අතරතුර විනිසුරු තීරණයකට අප්‍රසාදය පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙසේ නිරෝෂන් දික්වැල්ලට තරග දෙකක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තිරණය කර ඇත.

ඉරිදා (19) පැවති දෙවැනි 20 යි 20 තරගය අතරතුර නිරෝෂන් දික්වැල්ල දැවීයාමත් සමග විනිසුරු තීරණය පිළිබඳ ඔහු දැක්වූ ප්‍රතිචාරය මෙම තරග තහනමට බලපා ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව හෙට (22) ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට  නියමිත  තුන්වන  20 යි 20 තරගය හා ඉන් පසුව එළබෙන තරගයක් නිරෝෂන් දික්වැල්ලට අහිමි වනු ඇති.

t

o

p