අසේලගේ සුපිරි පිතිහරඹයෙන් කැන්ගරුවන් දණ ගස්සවයි

February 19, 2017

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති දෙවන 20/20 ක්‍රිකට් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 2ක ජයක්  හිමි විය. ඒ අනුව තරඟාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

වික්ටෝරියා ප්‍රාන්තයේ දකුණු ගීලොන්හිදී අද (19) පැවැති දෙවැනි 20/20 තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පන්දුයැවීම තෝරා ගත්තේය.

ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දු වාර 20 දී සියළුම දෙනා දැවී ලකුණු 173ක් රැස් කර ගැනීමට සමත් විය. මොයිකස් හෙන්රිකස් පන්දු 37කදී ලකුණු 56ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමෙන් කුලසේකර කඩුළු 4ක් ද මාලිංග හා බණ්ඩාර කඩුළු 2 බැගින් බිඳ හෙළීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 8ක් දැවී 176ක් රැස් කරමින් ජයක්ග්‍රහණය තහවුරු කර ගත්තේය. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ අසේල ගුණරත්න පන්දු 46කදී හයේ පහර පහහක් හා හතරේ පහර හයක් සමඟ ලකුණු 84ක් රැස් කිරීමට සමත් විය.

Scourecard

t

o

p