මෙම වසරේ ණය හා ‍පොලී වාරික ගෙවීම වෙනුවෙන් ස්වෛරී බැඳුම්කර

February 16, 2017

මෙම වර්ෂය තුළ සිදුකළ යුතු ණය වාරික සහ ‍පොලී ගෙවීම වෙනුවෙන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මීට අදාළ පත්‍රිකාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.
2017 වර්ෂය සඳහා වූ විසර්ජන පනත අනුව, රජයේ උපරිම ණය ගැනීම් හී නොපිය වූ ශේෂය 2017 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 1579.11කි. එලෙසම 2017 වර්ෂය තුළ සිදුකළ යුතු ණය වාරික සහ ‍පොලී ගෙවීම් වෙනුවෙන් රුපියල් බිලියන 1480ක් අවශ්‍ය බවට ඇස්තමේන්තුගතකර ඇත.
ඒ අනුව 2017 වර්ෂය සඳහා වූ විසර්ජන පනතෙහි සඳහන් සමස්ත ණය ගැනීම් සීමාව තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 1500ක් දක්වා අරමුදල් සපයාගැනීමේ අරමුණින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමට නියමිතය.

t

o

p