පුහුණු තරඟයෙන් ලංකාවට කඬුළු 5ක ජයක්

February 15, 2017

සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඕස්ට්‍රේලියානු අගමැතිගේ පිල අතර කැන්බරාහිදී පැවැති 20-20 පුහුණු තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් අගමැතිගේ පිල පන්දුවාර 20දී කඩුලු 6ට ලකුණු 169ක් ලබාගත් අතර, ශ්‍රී ලංකාව පන්දුවාර 17.1කදී කඩුලු 5කට ලකුණු 170ක් ලබා ගනිමින් ජය වාර්තා කළේය.
ජයග්‍රාහී ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 26කදී හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 47ක් රැස් කළ අතර, ආරම්භක පිතිකරු නායක උපුල් තරංග පන්දු 33කදී ලකුණු 47ක් රැස් කරමින් තරගය අවසන් වන තුරු නොදැවී කඩුල්‍ලේ රැඳී සිටියේය.
ඩිල්ෂාන් මුණවීර පන්දු 19කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 32ක් රැස් කළ අතර, මිලින්ද සිරිවර්ධන ලකුණු 25ක් වාර්තා කළේය.

t

o

p