උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි

February 13, 2017

ඇමෙරිකාවේ නව ජනපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වීමෙන් පසු කළ පළමු මිසයිල අත්හදා බැලීම උතුරු කොරියාව විසින් සිදුකොට තිබේ. ජපාන දේශ සීමාව ආසන්නයේ මෙම මිසයිල අත්හදා බැලීම සිදුකොට තිබේ. මේ සම්බන්ධයෙන් කතා කරමින් ඇමෙරිකානු ජනපතිවරයා පවසා ඇත්තේ මෙවැනි අවස්ථාවල සියයට සියයක්ම තම මිතුරු රට වන ජපානය සමග ඇමෙරිකාව සිටින බවය. කිලෝ මීටර පන්සියයක් පමණ දුර ඇදීගිය මිසයිලය ජපාන මුහුදට වැටුණු බව වාර්තා වෙයි.
මෙම මිසයිල එවීම කිසිසේත් අනුමත කළ  නොහැකි බව ජපාන අගමැතිවරයා පවසා ඇති අතර එය තම මුහුදු සීමාවට නොවැටුණු බව ජපාන බලධාරීන් පවසා තිබේ. ඇමෙරිකාවේ කළ තම සංචාරය තුළ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ජපාන අගමැතිවරයා පවසා ඇත්තේ දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට නව ජනපතිවරයා තමාට ‍පොරොන්දු වූ බවය.

බි.බි.සී.

t

o

p