මන්සූර් ඒ. කාදර් මු.කො. නව ලේකම්

February 13, 2017

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නව ‍ලේකම්වරයා ලෙස මන්සූර් ඒ. කාදර් මහතා පත්ව ඇත.
පෙරේදා(11) පැවැති පක්ෂ විධායක කාරක සභාවේදී ඒ මහතාගේ නම පක්ෂයේ මහ‍ලේකම් ධුරයට යෝජනා වී ඇත.
ඒ අනුව පක්ෂයේ නායක ජල සම්පත් අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලවේ පැවැති පක්ෂයේ 27 වැනි නියෝජිත සමුළුවේදී එම යෝජනාව අනුමත කර ඇත.
මීට පෙර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට පක්ෂයේ ‍ලේකම්වරයෙක් සහ මහ ‍ලේකම්වරයෙක් වශයෙන් තනතුරු දෙකක් පත් කර ගැනුනද මේ වර්ෂයේ සිට පක්ෂ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් තනතුරු දෙකම එකක් ලෙස සලකා පක්ෂයේ ‍ලේකම්වරයෙක් පමණක් පත්කිරීමට කටයුතු කළ බව එම පක්ෂයේ නියෝජ්‍ය ‍ලේකම් නිශාම් කාර්යප්පම් මහතා පැවැසීය.

t

o

p