මුදල් ඇමති සභාවට ඉදිරිපත් කළ ගැසට් පත්‍රය නිත්‍යානුකූලයි

February 9, 2017

මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මුදල් නියෝග ගැසට් පත් හොර ඒවා නොව නිත්‍යානුකූල ඒවා බවට තමා පිළිගන්නේ යැයි කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදි අද (09) ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නේය.
මුදල් ඇමතිවරයා ඉදිරිපත් කළ ගැසට් පත්‍රයේ කොලයක් අලවා ඇති බවට බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව කිවේය. මුදල් නියෝග කිහිපයක් සම්මත නොවුන බැවින් එය නැවත සම්මත කර ගැනිම පිළිබඳ ඇති වූ විවාදයේදි කතානායකවරයා මේ බව කීවේය.
දිනේෂ් ගුණවර්ධන මහතා – මේ සභාවට ඊයේ (08) දින ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් 4 ක් ඉදිරිපත් කලා. නමුත් එයින් දෙකක් පමණයි සම්මත කර ගෙන තිබෙන්නේ. මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුව නොමඟ යවා තිබෙනවා. මේ පිළිබඳව සොයා බලා ක්‍රියාමාර්ග ගත යුතුයි. මේක බරපතල වරදක් ඒ ගැන අවධානය යොමු කර සභාව අත්හිටුවා පක්ෂ නායක රැස්විමක් කැදවන්න
කතානායක කරු ජයසූරිය මහතා – මේ කාරණය ගැන මගේ අවධානය යොමු කරනු ලැබුවා. එම අවස්ථාවේ මුලසුනේ සිටි සභාපතිවරයා ඒවා ඉදිරිපත් කරලා නැහැ. නිලධාරින්ද මේ ගැන මුලසුන දැනුවත් කළ යුතුව තිබුණා. ඒ නිසා අද සභාවේ අවසරය ඇතුව එය ඉදිරිපත් කළ හැකියි.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – පනත් කෙටුම්පත් හතරක් තිබනත් මුලාසනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පළවෙනි යෝජනාව විතරයි. ඒක මට දාන්න බැහැ. මුලාසනය දාන්න ඕනේ. මෙතැන නිලධාරින් තුන් දෙනෙක් ඉන්නවා. ඒ අය උපදෙස් දෙන්න ඕනා. ඒවා නැවතත් ඉදිරිපත් කළ හැකියි.
කතානායක – මේවා මීට ඉස්සරත් වෙලා තියෙන දේවල්.
විමල් විරවංශ මහතා – ඊයේ ඒවා සම්මත කර නොගත්තේ කුමන් හේතුවක් නිසාද කියලා සභාවට පැහැදිලි කරන්න ඔබතුමාට පුළුවන්ද
කතානායක – මේක කාර්යාලයෙන් වූ අතපසුවිමක්.
විමල් විරවංශ මහතා – කාර්යාලයේ අතපසුවිමක්ද නැතිනම් පනත් කෙටුම්පත්වල තිබුණ දෝෂයක්ද
කතානායක – මම අද උදේ ඒක ගැන හොයලා බැලූවා. යම් කිසි අතපසුවිමක් වෙලා තියෙනවා. අද ඒවා සම්මත කිරිමට ඉඩ දෙන්න.
විමල් විරවංශ මහතා – එහෙම වෙලා නැහැ. කතානායකතුමනි අතපසුවිම්වලින් පනත් සම්මත වෙලා නැහැ. ඔබතුමාට අපි ගරු කරනවා. උපරිම ගරුත්වය ලබා දෙමින් මේ කාරණය කියන්නේ ඊයේ සම්මත විය යුතුදේවල් අද ආයේ ගේන්නයි.
ඇමති එස්.බි දිසානායක මහතා – මම 1989 සිට මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. එහෙම අවස්ථා දෙක තුනක් මට හොදට මතකයි. මේවා පුංචි අත්වැරදිමි.
ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා – විමල් විරවංශ මන්ත්‍රීතුමාටත් පසුගිය දවස්වල ගෙදරත් අතපසුවිම් තිබුණානේ. ඒක නිසා මේක එච්චර අතපසුවිමක් නොවෙයි.
විමල් විරවංශ මහතා – මගේ එනජින් එක පිටුපස්සේ හයි කරලා නැහැ ඒ නිසා මට අතපසුවිම් වෙන්න කිසිම හේතුවක් නැහැ.
ඩලස් අලහප්පෙරුම මහතා – අද මේ න්‍යය පත්‍රයේ නැති විෂයක් අපි කොහොමද මේ මොහොතේ මුහු කරන්නේ. ඒ නිසා පක්ෂ නායක රැස්විමක් කැදවලා තිරණයක් ගනිමු.
බන්දුල ගුණවර්ධන මහතා – අපට න්‍යය පත්‍රයක් දෙන්නේ ඒකේ සඳහන් විධිවිධාන සම්මත කර ගැනිමටයි. න්‍යය පත්‍රය තුළ තියෙන කටයුත්තක් එදින නොකර ඊට පසුදින කරනවා නම් පක්ෂ නායක රැස්විමකින් පසුවයි එය කරන්න ඕනේ. මේ පනත් සම්මත වෙලා නැත්නම් මුදල් ඇමතිතුමා කොහොමද  වැඩ කරන්නේ. එතුමාට විරුද්ධව නඩුවක් දැම්මොත් අධිකරණය කොහොමද කටයුතු කරන්නේ. ලෝ මේකර්ස්ලා ටි මේකර්ස්ලා වගේ වැඩ කරන්න බැහැ.
කතානායක – මම මේක ඊයේම දැන ගත්තා. අද සාකච්ඡාවක් තියලා මේක ඉදිරිපත් කිරිමටයි බලාපොරොත්තු වුණේ. ඉතිහාසය මම හොයලා බැලූවා මෙහෙම අවස්ථා කිහිපයක් තිබුණා. නමුත් එහෙම නොකර පොතේ පිළිවෙලට කරන්න නම් මම මේ සභාව මිනිත්තු දහයකට අත්හිටුවා පක්ෂ නායක රැස්විමක් පවත්වමු.
ඒ අනුව සභාව පෙරවරු 10.45 විනාඩි 10 කට අත්හිටුවීය. නැවත සභාවේ කටයුතු පෙරවරු 11.00 ට රැස්විය.
කතානායක – මේක යම් කිසි අතපසුවිමකින් සිදුවු දෙයක් මිස හිතා මතා කළ දෙයක් නොවෙයි. මා ඒ පිළිබඳව කණගාටුව පළ කරනවා. මෙය මුදල් පනතක් නොවෙයි. මුදල් පිළිබඳ නියෝගයක්. මෙවැනි දේවල් පසුදින සම්මත කරගෙන තියෙනවා.
බන්දුල ගුණවර්ධන මහතා – 2016 නොවැම්බර් 16 දා නිකුත් කළ ගැසට් නිවේදනය තමයි අනුමත කරන්න යන්නේ. මුදල් ඇමතිතුමා අස්සන් කර රජයේ මුද්‍රණාලය මගින් මුද්‍රණය කළ මේ ගැසට් නිවේදනයට උඩින් අලවපු කොලයක් තියෙනවා. මේ අලවපු කොළ් තියෙන එක රජයේ මුද්‍රණාලයේ මුද්‍රනය කළ එකක් නොවෙයි. මුදල් ඇමතිතුමා අත්සන් කළ ගැසට් නිවේදනය නොවෙයි අපි මේ අනුමත කරන්න යන්නේ.
කතානායක – මේක ඊයේ විවාද කරද්දි ඔබ කිව්වේ නැහැ.
සභානායක – මුදල් ඇමතිතුමා ඔය සියල්ල ඊයේ පැහැදිලි කලා.
කතානායක – අලූත් දේවල් තමයි තමුන්නානසේලා අරගෙන එන්නේ. මේක හොර එකක් නොවෙයි. ඒ නිසා මම මේක අනුමත කරනවා.

t

o

p