මහින්ද අද ජනපති නම් වෛද්‍ය සංගමය පූස් පැටව් වගේ ඉදීවි

February 9, 2017

පෞද්ගලික රෝහල්වලට ගිහින් මුදල් උපයා ගන්නා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිලධාරින්ට හොද වුවත් ඔවුන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ යැයි බුද්ධ ශාසන හා අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි අද (09) ප්‍රකාශ කළේය.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතියට විරුද්ධව කෑ ගහන අය රජයේ වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය ඉහළද කියලා ප්‍රශ්න කරන්නේදැයි ඇමතිවරයා විමසා සිටියේය.
සයිටම් උපාධි කඩයක් කියලා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. හැබැයි  ඒ විශ්ව විද්‍යාලයට උගන්වන්න එන්නේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෛද්‍යවරු යැයිද විජයදාස රාජපක්ෂ මහතා කිවේය. සයිටම් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිලධාරින්ගේ දරුවනුත් ඉගෙන ගන්නා බවත් මෙහි උගන්වන්නේ මරදානේ මරියකඩේ වෙළෙන්දන් නොවන බවත් ඇමතිවරයා පැවසිය.
මහින්ද රාජපක්ෂ මහතා අද මේ රටේ ජනාධිපති නම් ඔය වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පූස් පැටව් බවද පැවසු ඒ මහතා සිමාවකින් තොරව අධ්‍යාපනය ලැබිමේ අයිතිය රජයක් විසින් ලබාදීම රජයේ වගකිමක් බවද කිවේය.

t

o

p