එකම පවුලේ 500ක් එකම පින්තූරෙක

February 9, 2017

කලක් මුළුල්ලේ උත්සාහ දරා සිය පවුලේ සාමාජිකයන් 500 කට අධික පිරිසක් පවුලේ සමූහ ඡායාරූපයක් සඳහා කැඳවා ගැනීමට චීනයේ පවුලක් සමත්වී තිබේ.

‘රෙන්’ පවුලේ සාමාජිකයන් එම ඡායාරූපයට මුහුණ දුන්නේ නැගෙනහිර චීනයේ ශේජියාන්ග් පළාතේ ශිශේ ගම්මානයේදීය.

චන්ද්‍ර වර්ෂයෙන් නව වසර උදාවීම සැමරීම පිණිස පසුගිය සතියේ පවුලේ සියලුදෙනා ශිශේ ගම්මානයට එක්වූහ.

එතරම් විශාල පිරිසක් ඇතුලත් ඡායාරූපය සඳහා ඩ්රෝන් කැමරාවක් යොදාගැනීමට ඡායාරූප ශිල්පී ශැන්ග් ලියැන්සොංග් ට සිදුවිය.

ගම්මානයේ වැඩිහිටියන් මෑතදී සිය පවුලේ ඉතිහාසය පිළිබඳව විමසා බැලූ අතර, පරම්පරා හතකට අයත් 2000 කට ආසන්න පිරිසක් ජීවතුන් අතර සිටින බව එහිදී ඔවුන්ට සොයාගැනීමට හැකි වී තිබේ.

ඉන් අනතුරුව පවුලේ සාමාජිකයන්ගේ නැවත එකතුවක් සඳහා ඒ අතරින් 500 දෙනකු ගම්මානයට කැඳවා ගැනීමට ‘රෙන්’ පවුලේ වැඩිහිටියෝ සමත්වූහ.

උපුටා ගැනීම – BBC

t

o

p