සයිටම් ලොක්කාට එල්ලවූ වෙඩි ප්‍රහාරයේ වාර්ථාව සභාවට එදිරිපත් කරනවා

February 7, 2017

සයිටම් වෛද්‍ය විද්‍යාලයේ හා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරින් වෛද්‍ය සමිර සේනාරත්න මහතා ගමන් කළ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් වන පොලිස් පරික්ෂණයන් හි ප්‍රගතිය ලද විගස සභාවට ඉදිරිපත් කරනා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (07) ප්‍රකාශ කළේය.
පොලිස් පරික්ෂණවල ප්‍රගතිය පොලිස් මාධ්‍ය අංශය හරහා හෝ රටට දැනුම්දිමට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දෙන බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා මතු කළ රිති ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය. සෙයිටම් ආයතනයේ අධ්‍යක්ෂවරයා ගමන් ගත් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. මෙතනදි විවිධ අර්ථ කථන දෙන්න පුළුවන් යැයිද විපක්ෂ සංවිධායකවරයා කිවේය.
ෙ ඔහු වෛද්‍යවරයෙක් බව කියනවා නමුත් විභග අසමත් කෙනෙක් එය පාවිච්චි කරන්නේ කොහොමද කියන එක වෙනම කතාවක්. කොහොමවුනත් විධිමත් පරික්ෂණයක් කරලා ඉක්මණින් වාර්තාවක් දෙන්න…. නැතිනම් වෙනත් දේශපාලන පක්ෂවලට හා සංවිධානවලට අවලාද නගන්න පුළුවන් යැයි ද මන්ත්‍රී අනුර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
අගමැති – සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ කරනවා. අපිත් දැන ගන්න කැමතියි මොකක් වුනේ කියලා. වෙඩි තැබිමක් වූ බව තමයි දන්නේ. පොලිස්පතිවරයාගෙන් මා මේ ගැන විමසන්නම්. පොලිස් පරික්ෂණ වාර්තාව ලැබුණාට පස්සේ ඒ වාර්තාව මම සභාවට ඉදිරිපත් කරන්නම්.

t

o

p