චීන ලංකා වෙළෙඳ ගිවිසුමට මේ වසරේ අත්සන්

February 5, 2017

ශ්‍රී ලංකාව සහ චීනය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම මෙම වසර ඇතුළත අත්සන් තැබිමට සැලසුම් කර ඇති බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා පවසයි.
මෙම ගිවිසුම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර වසර 65කට අධික මිතුදම තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව පවතින බවද කරුණාසේන කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ 69 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් චීනයේ බිජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවැති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කරුණාසේන කොඩිතුවක්කු මහතා මෙම අදහස් පළ කළේය.

t

o

p