ලාංකිකයන් කිසිවෙකු ඇමෙරිකාවේ සිරවී නෑ

February 3, 2017

ශ්‍රී ලාංකිකයන් කිසිවකු, අමෙරිකාවට  ඇතුළුවීමට නොහැකිව එරට කිසිදු ගුවන් තොටු‍පොළක සිර වී නොසිටින බව මෙරට විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.එසේම අමෙරිකාව ඇතුළු වීමට නොහැකිව  එරට ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටු‍පොළේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් සිර වී සිටින බවටද කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බව විදේශ අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශිකා මහේෂිනී කොළොන්නේ  මහත්මිය සඳහන් කරයි.
කෙසේ වෙතත් ඇමෙරිකාවේ  ඇතිව ඇති මෙම නව තත්ත්වයන් පිළිබඳව ශ්‍රී ලංකා තානාපති අංශ නිරන්තර  අවධානයේ පසුවන බවත් 0119175977009 යන අංකය අමතා ඊට අදාළ තොරතුරු ලබාගත හැකි බවත් අමෙරිකාවේ  ශ්‍රී ලංකා තානාපති සේවය උපුටා දක්වමින් ඇය පෙන්වා දෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් මුස්ලිම් රටවල් හතක  ජනතාව සඳහා අමෙරිකාවට ඇතුළුවීමට තහනම්  කිරීමත් සමග ශ්‍රී ලංකාව ඇතුළු රටවල්  20කට අයත් 71 දෙනෙකු ඇමෙරිකාවේ ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටු‍පොළේ අමෙරිකාවට ඇතුළු වීමට නොහැකිව සිටින බවයි.

t

o

p