දකුණු අප්‍රිකාවට ලකුණු 121ක ජයක්

February 2, 2017

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හිදී පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය.

මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දු වාර 50 තුළ කඩුළු හයක් දැවී ලකුණු 307 රැස් කර ගැනීමට සමත් විය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායම සියළු දෙනාම දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 186ක් පමණි.

ලකුණු 121 කින් ජය ගත් දකුණු අප්‍රිකා කණ්ඩායම තරඟ 2-0ක් ලෙස තරඟාවලියේ පෙරමුණ ගැනීමට සමත් විය.

t

o

p