වැඩිම විදෙස් ප්‍රේෂණ 2016 වසරේ ලැබුණා

February 1, 2017

ඉතිහාසයේ වාර්තාවූ වැඩිම විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 2016දී ලැබි තිබෙන බවත් එය 2015 වසරට සාපේක්ෂව ඇමෙරිකන් ඩොලර් මිලියන 261.3ක වැඩි වීමක් බව විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
මෑත ඉතිහාසයේ වැඩිම විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා වූ වර්ෂය 2016 බවත් එම ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 7241.5ක් වන අතර එම ප්‍රමාණය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 1054.5කි.
පසුගිය 2015 වර්ෂයේදී වාර්තා වූ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 6980.3කි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 949කි. ඒ අනුව 2015 වර්ෂයට සාපේක්ෂව 2016 වර්ෂයේදී වැඩිවූ ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 261.3ක් වන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 105.5කි. ඒ අනුව වැඩිවූ ප්‍රතිශතය සියයට 3.7ක් වන අතර ශ්‍රී ලංකා මුදල් ප්‍රමාණයේ වැඩිවීම සියයට 11.11කි.

t

o

p