වරාය සේවකයන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

February 1, 2017

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානු සහ ඇමෙරිකානු ඒකාබද්ධ සමාගමක් වෙත පවරා දීමට ආණ්ඩුව කටයුතු කරන බවට චෝදනා කරමින් ඊට එරෙහිව වරාය සේවකයන් අද (01) පැවැත්වූ උද්ඝෝෂණයට ‍පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හරිනු ලැබිණ.
මෙහිදී වරාය විකිණීම නතර කරන ලෙසටත්, ඊට අදාළ ගිවිසුම අත්සන් නොකරන ලෙසටත් ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයාට සංදේශයක් බාර දීම සඳහා මෙම පිරිස පෙළපාලියකින් ජනාධිපති ‍ලේකම් කාර්යාලයට පැමිණි අතර එහිදී අදාළ සංදේශය බාර දීමට නිලධාරියෙකුට පැමිණෙන ලෙස ඔවුන්ගේ ඉල්ලීම වී තිබිණ.
‍පොලීසිය සහ උද්ඝෝෂකයින් අතර ඇතිවූ නොසන්සුන් සහ උණුසුම් වාතාවරණය තුළදී කැරලි මර්දන ‍පොලීසිය විසින් කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර පිරිස විසුරුවා හරිනු ලැබිණ.

t

o

p