දේශයක් ලෙස ලැබූ නිදහස වඩාත් අර්ථවත් කරගනිමු

February 1, 2017

යටත්විජිත පාලනයෙන් නිදහස ලබා වසර 69 ක් ගත වීම අද අපි සමරනු ලබන්නේ, පැවති දුර්දාන්ත පාලන සමය පරදවා යහපාලන රජය බලයට පත් වී වසර දෙකක් නික්මෙන තැන වීම සුවිශේෂ අවස්ථාවකැයි සිතමි.

දේශයක් ලෙස අප ලබා ඇති නිදහස වඩාත් අර්ථවත් කර ගැනීම අප සැමගේ වගකීමක් වන අතර, වත්මන් රජය රටේත්, ජනතාවගේත් ආර්ථික, සමාජයීය, අධ්‍යාත්මික නිදහස පිළිබඳ වඩාත් වගකීමෙන් කටයුතු කරන බව මේ මොහොතේ විශේෂයෙන් සඳහන් කරමි.

ගෙවුණු දෙවසර තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, මිත්‍රශීලී ජාත්‍යන්තර සබඳතා වර්ධනය කරගනිමින් අනෝන්‍ය විශ්වාසය දිනා ගැනීම, වාර්ගික, ආගමික බෙදීම් ඉක්මවා මානව හිතවාදී සාමකාමී රටක් ගොඩනැංවීමේ මූලික පදනම සැකසීම, රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ ප්‍රමුඛ පියවර ගැනීම වැනි ජයග්‍රහණයන් රැසක් දිනා ගැනීමට අපට හැකි වී තිබේ.

තවදුරටත් අභිමානවත් දේශයක්, එක්සත් ශ්‍රී ලාංකේය ජනතාවක් ලෙස අනාගතයට පියනැගීම සඳහා ස්වාර්ථය පසෙක ලා රට වෙනුවෙන් වෙහෙසී කටයුතු කිරීම අද අප සැම ඉදිරියේ පවතින අභියෝගයකි.

එම අභියෝගය ජයගන්නට ධෛර්යමත්ව සහ අවංකව කැපවීමට මෙම නිදහස් දින සැමරුමේදී විශේෂයෙන් අදිටන් කරගනිමු.

t

o

p