ශ්‍රී ලංකාවට එරෙහි 20යි20 තරඟයේ ඕස්ට්‍රේලියා නායකත්වය ෆින්ච්ට

February 1, 2017

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලබන 17 දා ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිත තරග 3 කින් සමන්විත 20-20 තරගාවලියේදී ඕස්ට්‍රේලියානු පිල මෙහෙයවීම ආරොන් ෆින්ච්ට පවරා තිබේ.
ඕස්ට්‍රේලියානු නායක ස්මිත් ඇතුළු ක්‍රීඩකයන් රැසක් ඉන්දීයාවට එරෙහිව ටෙස්ට් තරගාවලිය සඳහා පිටත්ව යන බැවින් නවකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් නම් කිරීමට සිදුවී තිබේ.
මේ අනුව ස්ටීවන් ස්මිත්, ඩේවිඩ් වෝනර්, උස්මාන් කවාජා, මිචෙල් මාෂ්, මිචෙල් ස්ටාක්, ග්ලෙන් මැක්ස්වෙල්, ජොස් හේසල්වුඩ් මෙම 20-20 තරගාවලියට සහභාගි නොවෙති.
ෆින්ච් මීට පෙර තරග 6 කදී ඕස්ට්‍රේලියානු 20-20 පිල මෙහෙයවා ඇති අතර ඉන් තරග 3 ක් ජයගෙන තරග 3 ක් පරාජයවී තිබේ.

t

o

p