ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව වැඩි කිරිමට මයික්‍රොසෝ‍ර්ට් සහාය

January 18, 2017

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්‍ෂරතාව වැඩි දියුණු කරලීම සහ ඩිජිටල්කරණය වේගවත් කරලීම සඳහා අවශ්‍ය සහය සහ උපදෙස් ලබා දීමට තමන් සූදානම් බව මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති ෂේන් පිලිප් කර්ටෝස් (Jean Philippe Courtois) මහතා පැවසීය.

17 වන දා සන්ධ්‍යාවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස හමුවෙමින් මයික්‍රෝසොෆ්ට් සභාපතිවරයා වැඩිදුරටත් පැවසූයේ අනාගතයේ කඩදාසි ලිපිගොනු වලින් තොර කාර්යාල පරිසරයක් නිර්මාණය වන බවයි. ඒ පිළිබඳ දැන් සිටම අවධානය යොමු කරලීමේ අවශ්‍යතාව හා වැදගත්කම ෂේන් පිලිප් මහතා පෙන්වා දුන්නේය.

ඒ තත්වය ශ්‍රී ලංකාව මැනවින් අවබෝධ කර ගෙන ඇති බවත්, ඊට අවශ්‍ය මූලික සැලසුම් දැන් සැකසෙමින් පවතින බවත් පැවසූ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා රාජ්‍ය කාර්යාල තාක්‍ෂණයෙන් සන්නද්ධ සුහුරු කාර්යාල බවට පත් කරලීම යහපාලන රජයේ අපේක්‍ෂාව බව පෙන්වා දුන්නේය.

මේ පරිවර්තනය සිදු කිරීමත් සමග සියළු කාර්යාල කාර්යක්‍ෂම හා තරගකාරී තලයකට ඔසවා තැබීමට හැකි වන බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

මුදල් අමාත්‍ය රවි කරුණානායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ උපදේශක මංගල යාපා යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක් වූහ.

t

o

p