සමාගම් අධ්‍යක්ෂකට නහයෙන් ලේ දමන්න පහරදුන් තරුණයින් දෙදෙනාට ඇප

January 18, 2017

කොළඹ වෝඞ් ප‍්‍රදේශයේදී ආයෝජන මණ්ඩලයේ ලියාපදංචි සමාගමක කළමණාකාර අධ්‍යක්ෂකවරයකුට පහර දුන් බව කියන සිද්ධියකට අදාළ සැකකරුවන් දෙදනකුට රුපියල් පනස් දහස බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් බණ්ඩාර මහතා ඊයේ (17) නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදාහැරුණේ අනුරාධපුරයේ පදිංචි හේරත් මුදියන්සේලාගේ අජිත් ප‍්‍රසන්න හේරත් සහ හේරත් මුදියන්සේලාගේ රම්‍ය ශී‍්‍ර මහීම නැමැත්තන්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලීසිය වෙත පැමිනිල්ලක් ඉදිරිපත් කර තිබුණේ අංක 131/2 බී, 4 වන පටුමග වරාමංගල පාර නාවල පදංචි කැතිකොටුවගේ ‍දොන් ජෝෂප් ජයරත්න නැමැති සමාගම් කලමනාකාර අධ්‍යක්ෂකවරයෙකි.

ඉකුත් 16 වැනිදා පැමිනිලිකරු සිය ජීප්රථයෙන් කොළඹ වෝඞ් පෙදෙසේ පිහිටි පෞද්ගලික බැංකුවක් වෙත යමින් සිටියදී බැංකුවේ සිට පිටවෙමින් තිබූ මෝටර් රථයක සිටි සැකකරුවන් දෙදනා තමා වාහනයෙන් එලියට ඇද බිම පෙරලාගෙන පහරදුන් බවත් එම පහර දීම හේතුවෙන් තමන්ගේ නාහෙන් ලේ ගලමින් තිබූ බවත් පැමිනිලිකරු සිය පැමිනිල්ලේන් දක්වා ඇත.

මේ වන විට මෙම පැමිනිලිකරු කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවද පොලීසිය අධිකරණයට කරුනු ඉදිරිපත් කලේය.

t

o

p