කළමනාකාර අධ්‍යක්ෂකට අමානුෂික ලෙස පහර දුන් තරුණයන් දෙදෙනා අල්ලයි

January 17, 2017

ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගමක කළමනාකරණ අධ්‍යක්ෂවරයෙකුට කොළඹ වෝඩ් පෙදෙසේදී 16 දා දහවල් දෙනෝදාහක් බලා සිටියදී පහරදී බරපතල තුවාල කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදැයි කුරුදුවත්ත පොලිසිය පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබු එම කළමනාකරණ අධ්‍යක්ෂවරයා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කරනු ලැබ සිටියි.

මේ සිද්ධිය වී ඇත්තේ 16 දා සවස 2.00 ට පමණය. කළමනාකරණ අධ්‍යක්ෂවරයා සිය ජිප් රථයෙන් කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි පෞද්ගලික බැංකුවකට යමින් සිටියදී ජිප් රථය බැංකුවේ සිට පිටවෙමින් තිබු මෝටර් රථයක ගැටි ඇති බවත් ඒ සිද්ධියෙන් පසුව මෝටර් රථයේ සිටි තරුණයින් දෙදෙනා කළමනාකාර අධ්‍යක්ෂවරයාව වාහනයෙන් එළියට ඇදගෙන විත් බිම පෙරළාගෙන පහරදී ඇති බවටත් තොරතුරු හෙළිව ඇත.

නාහෙන් කටින් ලේ දමා ඇද වැටි සිටි කළමනාකාර අධ්‍යක්ෂවරයා පොලිසිය මැදිහත්ව රෝහල් ගත කිරිමට පියවර ගෙන තිබේ.

අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

t

o

p