ඇගළුම් සහනය හිමිවිම ලංකාව ලද ජයග්‍රහණයක් – අගමැති

January 12, 2017

ජි.එස්.පි ඇගළුම් සහනය යළි හිමිවීම ශ්‍රී ලංකාව ප්‍රජතන්ත්‍රවාදය තහවුරු කිරිමට කල කැපවිමේ ප්‍රතිඵළයක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනය කරයි.

එම නිවේදනයේ මෙසේද සඳහන්වේ.

ජනතා අයිතිවාසිකම් හා හිමිකම් ආරක්‍ෂා කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලීම සඳහා පසුගිය දෙවසර තුළ රජය සිදු කළ කැපවීමෙහි ප්‍රතිඵලයක් ලෙස ජීඑස්පී ප්ලස් සහනය යළි ලබා ගැනීමට හැකි විය.

මෙය යහපාලන රජය විසින් ලබා ගත් ජයග්‍රහණයක් පමණක් නොවේ. මෙය මුළු මහත් ශ්‍රී ලාංකිකයන් විසින් ම ලද ජයකි.

ඇඟළුම් ඇතුළු දේශීය නිෂ්පාදනයන්ට මේ නිසා වඩාත් පුළුල් ලෙස යුරෝපීය වෙළඳපොළට යළි ප්‍රවේශ වීමේ අවකාශ සැලසෙනු ඇත. මේ නිසා නව රැකියා අවස්ථා ගණනාවක් මෙන්ම නව ආදායම් මාර්ග රැසක් ද අප රට තුළ නිර්මාණය වනු ඇත.

ජීඑස්පී ප්ලස් සහනය යළි ලබා ගැනීම සඳහා කැපවීම් කළ හා වෙහෙසුණු අය මෙන්ම සහය ලබා දුන් අය ද බොහෝය. ඒ සියළු දෙනාට ස්තුතිය පළ කිරීමට ද මෙය අවස්ථාව කර ගනිමි.

t

o

p