රිිමාන්ඩ් කළ විමල් බන්ධනාගාර ඊ වාට්ටුවට යවයි

January 11, 2017

රිමාන්ඩ් බාරයට පත් වු හිටපු ඇමැති විමල් වීරවංශ මහතා ඊයේ (10) සවස වැලිකඩ බන්ධනාගාරයේ ‘ඊ‘ වාට්ටුවට යොමු කළ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටිය දී රිමාන්ඩ් බාරයේ සිටියේ ද, හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රිමාන්ඩ් බාරයේ සිටියේ ද මෙම ‘ඊ‘ වාට්ටුවේ බව සදහන්ය.

රිමාන්ඩ් කැරුණු වීරවංශ මහතා බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ඊයේ සවස වැලිකඩ බන්ධනාගාරයට ගියේය. සිර වාට්ටුවට යොමු කළ වීරවංශ මහතා හිටපු ජනපති සමග කතා බහ කිරීමට කාර්යාලය වෙත ගෙනවිත් ඇත.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් 10 දා දහවල් අත්අඩංගුවට ගත් හිටපු ඇමැති විමල් වීරවංශ මහතා සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එල් එච් සමන්ත මහතා ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.

කුලී පදනම මත රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ලබා ගත් රජයේ වාහන 40ක් ඥාති හිතමිත්‍රාදීන්ට සහ දේශපාලන කටයුතු සඳහා ලබා දීමෙන් රජයට රුපියල්  නව කෝටි දහසය ලක්ෂයක් පාඩු කළැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය ඔවුන් අධිකරණය ඉදිරිපත් කළේය.

Mahinda saw the wimalWimal remand LNP 2

 

t

o

p